Thursday, August 22, 2019

සහන දිවිතුරු හිරුධි  දිවි සහන රැකවරණය

  • ප‍්‍රතිලාභ ලැබීමට හිමිකම් කිය හැක්කේ දින 07 කින් පසු හා ලියාපදිංචි වූ වර්ෂය සඳහා පමණි
  • ප‍්‍රතිලාභ ලබා ගත හැක්කේ එක් වරක් පමණි
  • ප‍්‍රතිලාභ ලබාගැනීමට තෙවන පාර්ශවයට ඉදිරිපත් විය හැක්කේ ලියාපදිංචි වූ තැනැත්තා මරණයක් වුවහොත් පමණි
  • ප‍්‍රතිලාභ ලබා ගැනීමට දින 03 කට වඩා රෝහල් ගතවී නේවාසික ප‍්‍රථිකාර ලබා සිටිය යුතුය
  • අත්පිට ගෙවීම් සිදු නොකරන අතර සියළු ගෙවිම් රාජ්‍ය බැංකු හා වාණිජ බැංකු ගිණුමකට පමණි
  • ලියාපදිංචි විමෙන් පසු ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉතිරි කිරිමේ බැංකුව කොමර්ෂල් බැංකුව සෙලාන් බැංකුව  යන  ඕනෑම බැංකුවක ගිණුමක් ආරම්භ කර හෝ තිබෙන ගිණුමේ බැංකු පොතේ ඡායා පිටපත බැගින් ලියා පදිංචි තැනැත්තා හා වයස අවුරුදු 18ට වැඩි තෙවන පාර්ශව උරුම කරුවන්ගේ හැදුනුම්පත් පිටපත් අමුනා රක්‍ෂණ සහතිකය සමඟ සුරක්‍ෂිතව තබා ගත යුතුවේ සියළු ගෙවීම් ලියාපදිංචි  තැනැත්තාගේ බැංකුගිණුමට බැර කරන අතර මරණයක් සිදුවුවහොත් පමණක් තෙවන පාර්ශවයේ බැංකු ගිණුමට අදාල ප‍්‍රතිලාභය බැර කරනු ඇත
  • ලියාපදිචි විය හැක්කේ වයස අවුරුදු 35 - 65 අතර ශ‍්‍රී ලාංකික පුරවැසි භාවය හිමි කුමන හෝ සේවා හෝ ව්‍යාපාරික කටයුත්තක නිරතවන දැනට බරපතල රෝගාබාධයන් නොමැති අයවළුන්ට පමණි නමුත් රාජ්‍ය සේවයේ යෙදෙන්නන්ට මෙම රක්‍ෂණාවරණය සඳහා ඉල්ලුම් කළ නොහැක
  • ලියාපදිංචි වන විට යහපත් මානසික සෞඛ්‍ය තත්වයෙන් සිටිය යුතු අතර තෙවන පාර්ශවයක් මගින් ලියාපදිංචි විය නොහැක
  • ගැටළු කාරි තත්වයකදීඑය සිදුවී දින 07 ක් ඇතුලත කෙටිපණිවිඩයක් මගින් දැනුම් දිය යුතු අතර දින 21 ක් ඇතුලත ප‍්‍රතිලාභ සඳහා ඉල්ලුම් නොකළහොත් රක්‍ෂණාවරනයෙන් ආවරණයක් නොලැබේ
  • දුරකථන අංකයක් හැදුනුම්පත් හෝ ස්ථිර පදිචි ලිපිනයක් නැති අයවළුන් ට රක්‍ෂණාවරණය සඳහා ඉල්ලුම් කළ නොහැක
  • මත්ද්‍රව්‍ය පානය කර සිටින අතරතුර සිදුවන අනතුරු හෝ මරණ වෙනුවෙන් කිසිඳු ප‍්‍රතිලාභයකට ඉල්ලුම් කළ නොහැක
  • රක්‍ෂණ සහතිකය විකෘති කර ඇත්නම් හා තොරතුරු වර්තා නොකර සිටිනම් ගිවිසුම බලාත්මක නොවේ
  • හිරුධි සහන දිවිතුරු රක්‍ෂණ නියෝජිතයාගේ අනන්‍යතාව වෙබ් අඩවියේ තොරතුරු සමඟ සැසදේදැයි බලා මුදල් ගෙවී ම් කල යුතු අතර ව්‍යාජ ලේඛන සඳහා ආයතනය වගකීම බාර නොගනු ඇත
--------------------------------
සම්පූර්ණ නම- 
ස්ථිර ලිපිනය -
හැදුනුම්පත් අංකය
උපන් දිනය
වයස
දුරකථන අංකය
රැකියාව - 
සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව -
ගම
ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
දිස්ත‍්‍රික්කය
පළාත
සුපුරුදු අත්සන
බැංකුව ගිණුම් අංකය

තෙවන පාර්ශවය
සම්පූර්ණ නම
වයස
හැඳුනුම්පත් අංකය
දුරකථන අංකය -
ඥාතීත්වය -
සුපුරුදු අත්සන -
බැංකුව ගිණුම් අංකය
---- 
ප‍්‍රතිලාභ ලබා ගැනීමට සුරක්‍ෂිතව තබා ගත යුතු ලේඛන

  1. හිරුධි සහන දිවිතුරු රක්‍ෂණ සහතිකය
  2. ලියාපදිංචි වූ තැනැත්තාගේ හැදුනුම් පතේ ඡායා පිටපතක්
  3. ලියාපදිංචි වූ තැනැත්තාගේ බැංකු පොතේ ඡායා පිටපතක්
  4. තෙවන පාර්ශවයේ බැංකු පොතේ ඡායා පිටපතක්
  5. තෙවන පාර්ශවයේ හැදුනුම් පතේ ඡායා පිටපතක්


  • ලිපි එවීමට භාවිතා කළ හැක්කේ ආයතනයේ නිලමුද්‍රව සහිත ලිපිකවරයයි
  • ප‍්‍රතිලාභ සඳහා ඉල්ලුම් කිරීමට පෙර සාමදාන විනිසුරුවරයකුගේ හෝ ආගමික පූජකවරයෙකුලවා පිටපත් සහතික කර ගත යුතුවේ

දින 03 කට වඩා රෝහල් ගතව ප‍්‍රථිකාර  ගැනීමට සිදුවුවහොත් ලියාපදිචි තැපෑලෙන් එවිය යුතු ලේඛන

  1. හිරුධි සහන දිවිතුරු රක්‍ෂණ සහතිකය
  2. ලියාපදිංචි වූ තැනැත්තාගේහැදුනුම්පතේ ඡායාපිටපතක්
  3. ලියාපදිංචි වූ තැනැත්තාගේබැංකු පොතේ ඡායාපිටපතක්
  4. වෛද්‍ය සහතිකයේ පිටපතක්
ලියාපදිංචි තැනැත්තාගේමරණයක්සිදුවුවහොත් තෙවන පාර්ශවය මගින්ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු ලේඛන

  1. හිරුධි සහන දිවිතුරු රක්‍ෂණ සහතිකය
  2. ලියාපදිංචි වූ තැනැත්තාගේහැදුනුම්පතේ ඡායාපිටපතක්
  3. ලියාපදිංචි වූ තැනැත්තාගේබැංකු පොතේ ඡායාපිටපතක්
  4. මරණ සහතිකයේ පිටපතක්
  5. තෙවන පාර්ශවයේ බැංකු පොතේ ඡායා පිටපතක්
  6. තෙවන පාර්ශවයේ හැදුනුම් පතේ ඡායා පිටපතක්


ප‍්‍රතිලාභ ගෙවීමේ අවසාන තීරණය හිරුධි ආයතනය සතුවේ



  • සියළු ලේඛන පරික්‍ෂාකිරිමෙන් පසු ඔබ නම් කළ බැංකුවට ප‍්‍රතිලාභ බැරවෙනු ඇත කෙටි පණිවිඩයකින් ඔබට ඒ බව දැනුම් දෙනු ලැබේ
හිරුධි සහන දිවිතුරු රැකවරණයෙන් දිවියට සවියක්